දේශීය

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහමහනුවර, නුවරඑළිය, ගාල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බව එම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි.

මේ අතර, දිස්ත්‍රික්ක තුනක පවුල් 28ක පුද්ගලයින් 98 ක්, රට තුළ පවතින අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්වයන් හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

බස්නාහිර පළාතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 15ක පුද්ගලයින් 50ක්, දකුණු පළාත් ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 7ක පුද්ගලයන් 24ක් සහ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 6ක පුද්ගලයන් 24ක් මෙසේ පීඩාව පත්ව සිටින බවයි.

ගස් පෙරළීම, සුළං සහ විදුලිකෙටීම යන අනතුරුවලින් මෙම පුද්ගලයන් අපදාවට පත්ව සිටින බවත්‍, මෙම අනතුරුවලින් නිවාස 26කට අර්ධ හානිවී ඇති බවත්‍, එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කරනවා.

මේ අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (13) පස්වරු 4 දක්වා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ ඇහැළියගොඩ, කුරුවිට සහ රත්නපුර යන ප්‍රදේශවලටයි.

මීට අමතරව, බදුල්ල දුන්හිද පතන කන්දේ ඊයේ රාත්‍රියේ හදීසි ගින්නක් ඇති වී තිබෙනවා.

ගින්න හේතුවෙන් දුන්හිද පතන කන්දේ විශාල භූමි ප්‍රමාණයක් මේ වාන් විට විනාශ වී ඇති අතර කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button