Uncategorizedදේශීය
කාසල්රි ඉහළ ජල පෝෂක ප්‍රදේශ වලට තද වැසි

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව ප්‍රදේශයට ඊයේ(11) පස්වරුවේ මිනිත්තු 30 ක පමණ කාලයක තද වැසි ඇති වුණා.
බගවන්තලාව ප්‍රදේශයට පසුගිය දින කිහිපය පුරාවට පැවති අධික වියළි කාළගුණ තත්වය නිසා ප්‍රදේශයේ පානීය ජල ගැටලුවක්ද මතු වී තිබූ අතර කෙසෙල්ගමු ඔයේ ජල ධාරිතාවය ද පහළ බැස තිබුණා.
පැවති වියළි කාළගුණ තත්වය හේතුවෙන් තේ වගාවට සහ එළවළු වගාවට ද දැඩි බලපෑම් එල්ල වී තිබුණා.
කෙසේ වෙතත්, දිවයිනේ ප්‍රධාන ජලාශ බොහෝමයක ජල ධාරිතාව තවමත් පවතින්නේ, 50%කටත් වඩා අඩු අගයකයි.