හර්ශගෙන් නෂීඩ්ගේ ප්‍රකාශයට පිළිතුරු

තමා කළ ප්‍රකාශය මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් ප්‍රතික්ෂේප කළත් තමන් කළ ප්‍රකාශයේ තමන් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සටහනක් තබා ඇත.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු ප්‍රකාශ කරන්නේ මොහොමඩ් නෂීඩ් මහතාට ගරු කරන අතරේම තමා හා නෂීඩ් මහතා අතර පැවැති සාකච්ඡාවේදී සඳහන් වූ කරුණු පිළිබඳව තමන් කළ ප්‍රකාශයේ තමන් සිටින බවත් හර්ෂද සිල්වා මහතා සඳහන් කර ඇත.
මීට දින කිහිපයකට පොරාතුව පැවැති රැස්වීමකදී හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කළේ සෞදියේ පාලක මොහොමඩ් බින් සල්මාන් හා ඩුබායි පාලකගෙන් ශ්‍රී ලංකාවට උදව් ඉල්ලා සිටියත් ඔවුන් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව මොහෙමඩ් නෂීඩ් තමන්ට ප්‍රකාශ කළ බවයි.
කෙසේ වෙතත් එම ප්‍රකාශය අසත්‍ය බව නෂීඩ් මහතා අද දිනයෙදී සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකාවට උපකාර කිරීමට පාර්ශ්ව ඉදිරිපත්ව ඇති බවත් පැවැසීය.
මෙයට ප්‍රතිචාර දක්වමින් හර්ෂද සිල්වා මහතා සිය ට්විටර් ගිණුමෙන් ඉහත අදහස් දැක්වූ අතර ශ්‍රී ලංකාවට උපකාර කිරීමට රටවල් ඉදිරිපත්ව ඇති බවට නසීඩ් මහතා කළ ප්‍රකාශය ගැන තමන් සතුටුවන බවද හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පැවැසීය.
