පොලිස් වෙඩි පහරින් කරවිට සීයා මරුට

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබෙනවා .
මෙලෙස මියගොස් ඇත්තේ “කරවිට සීයා” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙක් .
ඔහු පසුගිය දෙසැම්බර් මස 18 වනදා හංවැල්ල හරස් පාරේ වෙළෙඳසැලක හිමිකරු පපුවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍යව සිටි සැකකරුවෙකු බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය පවසනවා .
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලීසිය විසින් අදාළ වෙළෙඳසැලේ හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධියට අනුබල දීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .
ඒ අනුව සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරු හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේ රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව පොලීසිය සැකකරු සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇත.
එම මෙහෙයුම අතරතුර සැකකාර පුද්ගලයා පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති අතර පෙරළා එල්ලකළ පොලිස් වෙඩි ප්‍රහාරයෙන් සැකකරු බරපතළ තුවාල ලබා ඇති බව පොලීසිය පවස.
වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාළ ලැබූ සැකකරු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් .