දේශීය
ඉමියුනොගොබියුලින් නිසා මියගිය හා පීඩාවට පත් රෝගීන් සඳහා රජය වන්දී ගෙවන්න ඕනේ

ව්‍යාජ ඉමියුනොගොබියුලින් එන්නත ලබාදීමෙන් ජීවිතක්ෂයට පත්වූ සහ පීඩාවන්ට ලක්වූ රෝගීන් වෙනුවෙන් වන්දි ගෙවීමට රජය වහාම පියවර ගත යුතු බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමය පෙරේදා (27) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, රෝගියකු මරණයෙන් බේරා ගැනීමට ලබාදෙන ඉතාම සංවේදී ඖෂධයක් වන මෙම ‘ඉමියුනොගොබියුලින්’ එන්නත මෙරටදී හොරට නිෂ්පාදනය කර රෝගීන් දහස් ගණනකට ලබාදීමෙන් කළ අපරාධමය වරදට සෞඛ්‍ය ලේකම්වරයා මූලිකව වගකිව යුතු බවයි.
රුපියල් කෝටි සියයක් වංචා කිරීමේ අරමුණින් මෙරටදී නිෂ්පාදනය කර ඇති මෙම ප්‍රමිතියෙන් තොර ඉමියුනොගොබියුලින් එන්නත අධි තාක්ෂණික ක්‍රම මගින් ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් පමණක් නිෂ්පාදනය කරන ඉතා සංවේදී ඖෂධයක් වන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.