දේශීය
ආනයනික සහල් තොග සුපිරි වෙළෙඳසල් සඳහාද නිකුත් කරයි

මෙතෙක් සතොස වෙත පමණක් නිකුත් කළ ආනයනික සහල් තොග, සුපිරි වෙළෙඳසල් ජාල වෙත ද නිකුත් කිරීමට තීරණය වී තිබෙන බවට වාර්තා වෙනවා.
ඒ අනුව නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 145කටත් සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල්175කටත් යන උපරිම සිල්ලර මිල යටතේ අලවි වනු ඇති බවයි වාර්තා වෙන්නේ.
පසුගිය වසරේ රසායනික පොහොර ආනයනය එකවර ම නවතා දැමීම හේතුවෙන් මෙරට සමස්ත කෘෂිකාර්මික පද්ධතියම ම බරපතළ ව්‍යසනයකට ලක් වීම මෙම සහල් හිඟයට හේතු වූ අතර එය ඉතා ම අසාර්ථක ව්‍යාපෘතියක් බවට ජනපති විසින්ම පිළිගත් බැවින් දින කිහිපයකට පෙර රජය නිවේදනය කර තිබුණේ, ඊළඟ කන්නය සඳහා රසායනික පොහොර ලබා දීමට තීරණය කර ඇති බව යි.