ලංගම ආසන ඔන්ලයින් වෙන්කිරීම ගැන සුබ පණිවිඩයක්

අන්තර්ජාලය මගින් කලින් ආසන වෙන්කර ගැනීමේ සේවාව අතිසාර්ථක ලෙස සිදුවන බවත් මාසයකට 77, 000 පිරිසක් එම සේවය ලබාගන්නා බවත් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් මහතා පවසනවා.
එහිදී සභාපතිවරයා සඳහන් කළේ, සේවාවෙන් වසරක කාලයක් තුළ රුපියල් කෝටි තුනහමාරක ආදායමක් ලැබී තිබෙන බවයි.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ 4900 ක් මේ වන විට ධාවනයේ යෙදෙන අතර ලබන මාර්තු මාසයේදී බස් රථ 5300ක් දිවයින පුරා ධාවනය කරවන බවත් පැවසූ සභාපතිවරයා අලුතින් බඳවා ගත් රිය කොන්දොස්තරවරුන් 800ක් බඳවාගෙන තිබෙන බවත් සඳහන් කළා.
එමෙන්ම ලංගම බස් රථවල ආසන වෙන්කිරීම් ඩිපෝ හා බස් නැවතුම්පළවළ පිහිටි ලංගම කාර්යාලවලින් සිදුවූ අතර අන්තර්ජාලය හරහා ආසන වෙන්කරගැනීමේ පහසුකම් 2023 වසරේ මුල් කාලයේදී ලබාදී තිබුණා.
මේ අනුව ලංගම සභාපතිවරයා පවසන්නේ, බොහෝ පිරිසක් ආසන වෙන්කරගැනීම් අන්තර්ජාලය මගින් සිදුකරන බවත් මේ අනුව ලබන වසරේදී සුඛෝපභෝගී බස් රථද සැලකිය යුතු සංඛ්‍යාවක්ද ධාවනයට එක්කර ලංගම සේවාව තවදුරටත් කාර්යක්ෂම කිරීමට පියවර ගන්නා බවයි.