දේශීය
ගෑස් මිල ඉහළට

මිල සූත්‍රයට අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද සිට රුපියල් 210 ත් 250 ත් අතර මිලකින් ඉහළ යනු ඇතැයි වාර්තාවනවා.
ලිට්‍රෝ සමාගමේ ආරංචි මාර්ග සඳහන් කළේ ලෝක වෙළඳපොලේ ගෑස් මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව මෙලෙස මිල ඉහළ යනු ඇති බවයි.
පසුගිය ඔක්තෝම්බර් 5 වනදා කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 271 කින් පහත දමනු ලැබුවා.
ඒ අනුව එහි මිල රුපියල් 4280 ක් වූ අතර, කිලෝග්රෑම් 5 සිලින්ඩරයක දැනට පවතින මිල රුපියල් 1720 ක්.
එමෙන්ම කිලෝග්රෑම් 2.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 800 ක මිලකටයි.