දේශීය

බස් වලට අද සිට ෆුල් ටෑන්ක්

මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය සම්පූර්ණ ඩීසල් ප්‍රමාණය සැපයීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

පසුගිය සමයේ මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන ලබාදීම සීමා කර තිබුණද අද (09) සිට බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය සම්පූර්ණයෙන් ලබාදීම අරඹා තිබේ. එසේම, පෞද්ගලික බස් රථ සේවකයින් පවසන්නේ මෙම තීරණයත් සමඟ දින කිහිපයක් අඛණ්ඩව සිය බස්රථ ධාවනය කිරීමට අවස්ථාව ලැබෙන බවයි.

මේ අතර, ජාතික ඉන්ධන අවසර පත හෙවත් QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීම දිවයින පුරා නිල වශයෙන් ආරම්භ වී අදට දින 9කි. කෙසේවෙතත්, මාස කිහිපයක සිට මේ දක්වා තමන්ට සිය ජීවිකාව සිදුකිරීමට අවශ්‍ය භූමිතෙල් ලබානොදුන් බවට චෝදනා කරමින් ගාල්ල,කොස්ගොඩ ධීවරයින් පිරිසක් ඊයේ විරෝධතාවයක නිරත වුණි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button