දේශීය

පවුල් 50,000ක​ට නාගරික නිවාසව​ල පූර්​ණ අයිතිය ​

2024 අයවැය යෝජනා අනුව නාගරික නිවාස හිමිකම යටතේ අඩු ආදායම්ලාභී පවුල් 50,000ක​ට ඔවුන් පදිංචි නිවාස සඳහා පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

රජය පවසන්නේ, මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවක් අනුව නාගරික නිවාස වැඩසටහන් මගින් අඩු ආදායම්ලාභී පවුල් වෙත කුලී අය කිරීම අත්හිටුවා එම මහල් නිවාස ඒකකවල අයිතිය නෛතිකව එම ප්‍රතිලාභී පවුල් වෙතම ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුව ඇති බවයි.

ඒ අනුව මාසිකව රුපියල් 3000 ක් හෝ ඊට අඩු අගයක කුලී පදනම මතු අඩු ආදායම්ලාභීන් වෙත ලබාදී ඇති සියලු නාගරික නිවාස ඒකක වලින් කුලිය අය කර ගැනීම නතර කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා යෝජනා කර තිබෙනවා.

පසු​ව එම යෝජනාව ස​හ නිවාස වල සින්නක්කර අයිතිය එම අඩු ආදායම්ලාභීන්ට පැවරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button