ප්‍රංශයේ පාසල්වල අබායා තහනම්

ප්‍රංශයේ පාසල්වල මුස්ලිම් සිසුවියන්ට අබායා පැළඳීම එරට රජය විසින් තහනම් කර තිබෙනවා.
ප්‍රංශ අධ්‍යාපන අමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ නව පාසල් වාරය ලබන මස 4 වනදා ආරම්භ වීමට නියමිත අතර, එදින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම වලංගු බවයි.
මාස ගණනක වාද විවාදවලින් අනතුරුව ප්‍රංශ රජය මෙම තීරණයට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රංශ අධ්‍යාපන අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නේ පන්ති කාමරයකට යන විට, සිසුන් දෙස බැලූ පමණින් ඔවුන්ගේ ආගම කුමක්ද යන්න හැඟවීම තවදුරටත් සිදු නොවිය යුතු බවයි.
මීට පෙර 2004 වසරේ සිට රජයේ පාසල්වල හිස් ආවරණ පැළඳීමද ප්‍රංශ රජය තහනම් කර තිබෙනවා.
එමෙන්ම 2010 වසරේදී ප්‍රංශය විසින් ප්‍රසිද්ධ ස්ථානවල සම්පූර්ණයෙන් මුහුණු ආවරණ කිරීම තහනම් කරන ලද අතර, ඊට ප්‍රංශයේ මිලියන පහක පමණ මුස්ලිම් ප්‍රජාවක විරෝධතාවද එල්ලවී තිබුණා.
19 වැනි සියවසේ සිට ප්‍රංශයේ පාසල්වල විශාල කුරුස වැනි ක්‍රිස්තියානි සංකේත ඇතුලු ආගමික සංකේතවලට දැඩි තහනමක් පනවා ඇති අතර, රජයේ ගොඩනැගිලිවල ආගමික සළකුණු ප්‍රදර්ශනය කිරීම ද තහනම් කර තිබෙනවා.