දේශීය
හල්පේ බස් රථ අනතුරකින් පස් දෙනෙකුට තුවාල

ශ්‍රී ලංගම බස් රථයක් හල්පේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් තුලට කඩා වැදීමෙන් පස්දෙනකු තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසනවා.
අද (06) උදෑසන බැද්දේවෙල සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී තිබුණා.
අනතුර සිදුවන අවස්ථාවේදී බස්රථය තුළ මගින් 18 ක් පමණ සිට ඇති අතර ,සෙසු පිරිස තුවාල ලබා නොමැති බව පොලිසිය සදහන් කළා.