මෙරට ගෙවල් විකුණා ඩොලර් ලක්ෂ පහක් සොයයි

මධ්‍යම පාන්තික නිවාස ඩොලර්වලට අලෙවි කිරීමේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට අමෙරිකානු ඩොලර් ලක්ෂ 5කට වැඩි ආදායමක් උපයාගෙන ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා .
මේ වසරේ ඩොලර්වලින් නිවාස අලෙවි කොට ලබාගැනීමට අපේක්ෂා කළ ආදායම ඩොලර් ලක්ෂ 05ක් වන අතර වසර අවසන් වීමටත් පෙර එම ඉලක්කය ඉක්මවා යාමට හැකිවු බව එම අධිකාරිය සඳහන් කළා .
මෙරට ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකර ඇති මධ්‍යම පාන්තික නිවාස, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට හා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අලෙවි කිරීමට පියවර ගත් අතර ඊට අදාළ පළමු නිවාස පසුගිය සැප්තැම්බර් මාසයේදී අලෙවි වුණා .
ඒ අනුව මේ වනවිට නිවාස 11ක් ඩොලර්වලට අලෙවි වී ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා .
ඩුබායි, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ඕමාන් කටාර් රාජ්‍යය හා ෆීජී දූපත්වල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් එම නිවාස මිලදීගෙන තිබෙනවා .
එමෙන්ම තවත් නිවාස 8ක් මිලදී ගැනීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඉල්ලීම්කර ඇති අතර එම ක්‍රියාවලිය මගින් ලබන වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක අදායමක් උපයා ගැනීමට සැලසුම් සකස් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා .