දේශීය

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අද

මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (30) රාත්‍රීයේ වීථි සංචාරය කෙරෙනවා.

උඩරට, පහතරට, සමබරගමු ආදී විවිධ නර්තන කලාවන් ඉදිරිපත් කරන නර්තන ශිල්පීන් මෙන්ම අලි ඇතුන් 100ක පමණ පිරිසක් මෙම පෙරහැරට සහභාගී වීමට නියමිතයි.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිවේදනය කර ඇත්තේ අද රාත්‍රී 7.03 ට යෙදෙන සුබ මොහොතින් ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් ගමන් අරඹන ඇසළ පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ගෙවැදීමට නියමිත බවයි.

අද රාත්‍රී අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට දෙස් විදෙස් විශාල පිරිසක් මහනුවර නගරයේ පෙරහැර මාර්ගය දෙපස රැඳී සිටිනු ඇතැයි අපේක්‍ෂා කෙරෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button