දේශීය

අධිවේගයේ මාරක අනතුරක්

දක්ෂිණ අධිවේගයේ අද (24) අලුයම සිදුවු අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අධිවේගී මාර්ගයේ 174.2 R. ස්ථානයේ දී මත්තල සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් ඉදිරියෙන් ධාවනය වූ තවත් ලොරියක පිටුපසින් ගැටී අනතුරක් සිදුව තිබුණා.

අනතුරින් පිටුපස ලොරි රථයේ රියදුරු, රිය සහායක සහ ඉදිරියෙන් ධාවනය කළ ලොරියේ රිය සහායකයා තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී පිටුපස ලොරියේ රිය සහායකයා මියගොස් තිබෙන​වා.

එලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි හල්ගහඔය, නුවරඑළියේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැනපත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙ​න් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණුකොළපැලැස්ස මුරපොළ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button