දේශීය
හිටපු යුද හමුදා සාමාජිකයෙකුට මරණ දඬුවම

2009 ඔක්තෝම්බර් 02 වැනිදා මන්නාරම,පරප්පුකන්ඩාල් යුද හමුදා කඳවුර තුළදී යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ තවත් යුද හමුදා සාමාජිකයෙකුට ඊයේ (06) මන්නාරම මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කළා.
මන්නාරම මහාධිකරණ විනිසුරු M.M.M මිහාල් මහතා විසින් එම තීන්දුව ලබාදී තිබෙනවා.
මරණය දණ්ඩනය නියමවු හිටපු යුද හමුදා සාමාජිකයා විසින් පෞද්ගලික ආරවුලක් මත යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට වෙඩි තබා තිබු අතර, ඉන් දෙදෙනෙකු මරණයට පත්ව,තවත් අයෙකු තුවාල ලබා තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන්වන නඩු විභාගය මන්නාරම, මුරුන්කන් පොලීසිය හරහා ගොනුකොට තිබු අතර, නඩු විභාගයෙන් අනතුරුව ඝාතනයෙන් වසර 14 වසරකට පසුව සැකකරු වෙත එලෙස මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.
එලෙස මරණ දණ්ඩනය නියම කෙරුණේ, වයස අවුරුදු 55 ක් වන දැනට යුද හමුදා සේවයෙන් ඉවත්කොට සිටින පුද්ගලයෙකුටයි.