විදුලි සේවකයින් හෙට සිට විරෝධතාවයක

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව හෙට (03) සිට තෙදිනක විරෝධතා ක්‍රියාමාර්ගයක් සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ, අදාළ පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස විදුලිබල අමාත්‍යවරයාට දැනුම් දෙන බවයි.
එහිදී රන්ජන් ජයලාල් මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්,
“කාංචනට ඕනේ රනිල් එක්ක එකතුවෙලා මේක විකුණන්න. පාර්ලිමේන්තුවේදී හිතුවක්කාර විදියට මේක සම්මත කරනවා නම්, එදාට ලංකා විදුලිබල මණ්ඩලයේ දැවැන්ත වර්ජනයකට යනවා. අපි ඒකමතික තීන්දුවක් ගත්තා තෙදිනක් ලංකා විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් පවත්වන්න. වහාම මේ වනත හකුළ ගනින් කියලා. නොසලකා හිටියොත්, අපි විවෘත අභියෝගයක් කරනවා කාංචනට. පුළුවන් නම් මේක පාර්ලිමේන්තු ගේන්න. එදාට අපි ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයින් අපි දොරකොඩට ගේනවා.”
මේ අතර නව ධීවර පනත හරහා සිය කර්මාන්තය අර්බුදයට ලක්ව ඇති බව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා ප්‍රකාශ කළා.