දේශීය

අද සිට විදුලිය කපන්නෙ නැහැ

අද (16) සිට අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා  පවසනවා.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අඛණ්ඩ විදුලි සැපයුමක් ජනතාවට ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා ද තමාට උපදෙස් ලබාදුන් බවයි.

විදුලි ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවීමත් සමග ගල් අඟුරු මිල දී ගැනීමට ලංකා බැංකුවෙන් අමතර රු බිලියන 22ක ණය මුදලක් ලබාදීමට එකඟත්වය පළ කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button