දේශීය

විදුලි ඇමැති කුමන්ත්‍රණයක් හෙළි කරයි

ඡන්දයට පෙර ලබන මස 8,9 වනවිට විදුලිය කප්පාදුව,ඉන්ධන පෝලිම් වැඩි කර රටේ ආර්ථික අර්බුදයක් ඇති කිරීමට සමහර කණ්ඩායම් කුමන්ත්‍රණ කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයිද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

සමහර කොමිෂන් සභාවල සිටින ඇතැමුන්ද ඒ දේශපාලන ව්‍යාපාරය කළ බව ඔහු සඳහන් කළා.

ගිය අවුරුද්දේ උසස් උසස් පෙළ කාලයේ පැය හත හමාරක් විදුලිය කැපූ බව සමහරුන්ට අමතක යැයි පැවසූ අමාත්‍යවරයා පෝලිම්වල ජනතාව දවස් දෙක තුන සිටි බවද ප්‍රකාශ කළා.

ඒ ප්‍රශ්නය කළමනාකරණය කර ගැනීමට හැකිවූ බවද ඔහු සඳහන් කළා.

විදුලි බල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වියදම්ද කළමනාකරණය කරගත යුතු බවත් ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ හඳුන්වාදී ඇත්තේ ඒ සඳහා බවත් කංචන විජේසේකර මහතා පවසනවා.

සමහර ඒ කටයුත්තටත් විරුද්ධ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button