දේශීය
මහ මැතිවරණය තියන්න ඕනෑම අවස්ථාවක සූදානම් – මැතිවරණ කොමිසම

මහ මැතිවරණය පැවැත්වීමට ඕනෑම අවස්ථාවක සූදානම් බව මැතිවරණ කොමිසම පවසනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පවසන්නේ, මහ මැතිවරණයක් සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 11ක් පමණ වනු ඇති බවයි.
මහ මැතිවරණය සඳහා ද ජනාධිපතිවරණයට යොදාගත් ලියාපදිංචි ඡන්ද හිමි නාමලේඛනය යොදා ගන්නා බව ඔහු වැඩිදුරටත් ප්රකාශ කළා.