දේශීය
බිත්තර හා කුකුල් මස් මිල පහළට

බිත්තරයක මිල රුපියල් 03කින් හා කුකුල් මස් කිලෝ එකක මිල රුපියල් 50 කින් අඩු කිරීමට කුකුල් ගොවිපල ව්‍යාපාරකයින් එකඟතාවය පළ කළ බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර අශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.
පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී හේරත් මහතා සමඟ පැවති සාකච්ජාවකින් අනතුරුව ගොවිපොල හිමියන් මෙම එකඟතාවයට පැමිණි ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
ඔවුන් මෙම තීරණයට එළැඹ තිබෙනනේ සත්ත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය තිරිඟු ආදී ද්‍රව්‍ය ආනයනයේ දී ලබා දුන් සහනවලට ප්‍රතිචාරයක් ලෙස බවද එම නිවේදනයේ දැක්වෙනවා.