දේශීය

වර්ජනය නිසා තැපැල් දුම්රියෙන් තැපැල් පෙට්ටි ගලවලා

තැපැල් දුම්රිය අද (08) හා හෙට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන නමුදු තැපැල් සේවක වැඩ වර්ජනය හේතුවෙ​න් තැපැල් මැදිරිය ඉන් ඉවත් කර ඇති බ​ව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

කොළඹ කොටුව සිට බදුල්ල සහ ගාල්ල දක්වා ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය දෙකේ තැපැල් මැදිරි දෙකක් අමුණා ඇති අතර තැපැල් ලිපි, පාර්සල් ප්‍රවාහනය කිරීම සහ ලිපි පාර්සල් තේරීම් කටයුතු සඳහා මෙම තැපැල් මැදිරි වෙන් කර තිබෙනවා.

කොළඹ කොටුවෙන් රාත්‍රි 8.30 ට බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියත් පස්වරු 6.45ට ගාල්ල තැපැල් දුම්රියත් ගමන් ආරම්භ කෙරෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button