දේශීය

නිලධාරි හිඟය නිසා විගණන විමර්ශන අතරමඟ නැවතිලා

නිලධාරීන්ගේ  උග්‍ර  හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව තිබෙනවා.

විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක්  බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.

එම නිලධාරීන් පෙන්වාදෙන්නේ, භාෂා පරිවර්තකයන්ගේ හිඟය හේතුවෙන් විගණන වාර්තා නිකුත් කිරීමද පමාවී ඇති බවයි.

නිලධාරී හිඟය හේතුවෙන් විෂය පථයන් සීමා කර වැඩ කිරීමට සිදුව ඇති බවද එම නිලධාරීන් පෙන්වාදෙනවා.

මේ සම්බන්ධයෙන් රජයේ විගණකාධිපති W.P.C  වික්‍රමරත්න මහතා පවසන්නේ, විගණන නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් විගණන කටයුතුවලට බාධා මතුව ඇති බවයි.

විගණන අධිකාරීවරුන් 165 දෙනකු සහ විගණන නිලධාරින් 465 දෙනකු බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බවත් විගණන නිලධාරී පුරප්පාඩු සඳහා අයදුම්පත් 600​ක් පමණ ලැබී ඇති බවද වික්‍රමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button