දේශීය
දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට

ජනාධිපතිවරණයට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ව මැතිවරණය කොමිසමට කැඳවා තිබෙනවා.
ඒ අනුව මැතිවරණ කොමිසන් සභා ප්‍රධාන කාර්යාලයේදී අද (03) පෙරවරුවේ එම සාකච්ඡාව ආරම්භ වූ බවද සඳහන්.
ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මේ වනවිට විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබෙනවා.
මේ අතර එළඹෙන සඳුදා දින සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන් ද ලබන 5 සඳුදා මැතිවරණ කොමිෂන් සභාවට සාකච්ඡාවක් සඳහා කැඳවා ඇති බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවා.
ඉදිරි ජනාධිපතිවරණයට අදාළ ප්රචාරක කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා මාධ්‍ය ආයතන ප්‍රධානීන් මෙසේ කැඳවා ඇති බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළා.