දේශීය
කොළඹ-අවිස්සාවේල්ල මාර්ගයේ ගමනා ගමනයට බාධා

කොළඹ අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගයට රණාල සුදවිල ප්‍රදේශයේ දී මාර්ගයේ ගමනාගමන කටයුතු සදහා බාදා එල්ල වී ඇති බව නවගමුව පොලිසිය පවසනවා.
පොලීසිය පවසන්නේ, බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.
බෝ අත්ත කඩා වැටීම නිසාවෙන් ප්‍රදේශයේ විදුලි කාණු ගණනාවකට හානි සිදුව ඇති අතර මේ හේතුවෙන් එම ප්‍රදේශයට විදුලිය විසන්ධි වී ඇති බවද පොලිසිය පවසනවා.
මේ හේතුවෙන් එම මාර්ගය වෑවිල හන්දියෙන් සහ සියඹලා ගස් හන්දියෙන් තාවකාලික බර වාහන යාම නවතා දැමීමටද පොලිසිය කටයුතු කර තිබුණා.