දේශීය

ධනුෂ්ක ගුණතිලක ප්‍රථමවරට මාධ්‍යට අදහස් දක්වයි

ඔස්ට්‍රේලියාවේදී තරුණියකට ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාවකට ලක්ව සිටි ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක එම චෝදනාවෙන් නිදහස් කර තිබුණා.

සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේදී විනිසුරු සාරා හගට් විසින් අද (28) මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එහි දී ප්‍රථම වතාවට ඔහු තමාට එල්ල වූ චෝදනා ගැන සහ නඩු තීන්දුව ඕස්ට්‍රේලියානු මාධ්‍ය ඉදිරියේ තම අදහස් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අදහස් දැක් වූ ධනිෂ්ක ගුණතිලක,

“මාස 11ක් වැනි අමාරු කාලය තුළ මාත් එක්ක හිටපු නීතීඥයින්ට, ශ්‍රී ලංකාවේ සිටින කළමනාකරුවන්ට, දෙමාපියන් සහ අනෙකුත් අයට මට ලබා දුන් ඒ සහයෝගයට ස්තූතියි. හැමෝම මාව විශ්වාස කළා, ඒක මට ගොඩක් වටිනවා. මගේ ජීවිතය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම සතුටු වෙනවා, ආයෙත් ක්‍රිකට් ක්‍රීඩා කරනකන් මට ඉවසිල්ලක් නැහැ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button