දේශීය

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා නිදහස්

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ඇප මත නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර තිබෙනවා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන අය ඝාතනයට කුමන්ත්‍රණ කළැයි 2018 වසරේදී ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අද නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී ඇත්තේ, නාලක සිල්වා මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

ඊට අදාළව සිදුකෙරුණු විමර්ශන වලදී ඔහු සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා තහවුරු කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් නාලක සිල්වා මහතාට ඇප නියම කෙරුණා.

අනතුරුව පොලිස් කොමිසම නිර්දේශ මත මෙම වසරේ මාර්තු මස ඔහුව නැවත සේවයේ පිහිටුවූ අතර එහිදී වැටුපෙන් අඩක් පමණක් ලබාදීම, බස්නාහිර පළාතෙන් පිටත සුදුසු රාජකාරියක යෙදවීම සහ ඔහුට චෝදනා එල්ල වූ නඩුවේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් නොකිරීම ආදී වශයෙන් කොන්දේසි කිහිපයක් පැනවීමට ද පොලිස් කොමිසම පියවර ගත්තා.

සේවයේ පිහිටුවීමෙන් පසු ඒ මහතා පුත්තලම දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කරනු ලැබූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button