ශ්‍රීලනිපයේ තීන්දු මැතිවරණ කොමිසමට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේදී ගත් නව තීන්දු සම්බන්ධයෙන් සිය කොමිසමට ලබාදුන් දැනුම්දීම් අධ්‍යනය කර අවසන් තීන්දුවක් ගන්නා බව ජාතික මැතිවරණ කොමිසම පවසනවා.
එහි සභාපති R.M.A.L රත්නායක මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමක් ඊයේ (09) පස්වරුවේ තමන් හමුවී ලිපිලේඛන කිහිපයක් භාර දුන් බවයි.
ඒ දේශපාලන මණ්ඩල රැස්වීමේදී කරන ලද නව පත්කිරීම් සහ ඊට අදාළව කරුණු දක්වමින්.
සභාපතිවරයා පැවසුවේ, එම සියලු ලිපිලේඛන ලබන 18 වැනිදා කොමිසම හමුවට ඉදිරිපත් කර ඉදිරි පියවර තීරණය කරන බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් පිරිසක් ඊයේ පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ, දේශපාලන මණ්ඩලය ගත් තීන්දු තීරණ නිල වශයෙන් මැතිවරණ කොමිසමට භාරදී තිබෙනවා.
මෙම හමුවට පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා, භාණ්ඩාගාරික ලසන්ත අලයගියවන්න මහතා සහ වීරකුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.