දේශීය
UPFA ලේකම් ධුරය ගැන මැතිවරණ කොමිසමෙන් තීරණයක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සඳහා අමාත්‍ය මහින්ද අමරවීර හෝ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පිළිගැනීම තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඔවුන් වෙත දැනුම්දෙමින් මැතිවරණ කොමිසම් සභාව ප්‍රකාශ කර ඇත්තේ අදාළ ලේකම් ධුරය සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණය හමුවේ නඩුවක් විභාග වෙමින් පවතින බැවින් එහි තීරණය ලැබෙන තෙක් මෙම අත්හිටුවීම සිදුකර ඇති බවයි.