විදෙස්

රජ මැදුරට ගිය කොවිඩ්

කොවිඩ් සඳහා වූ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව , එක්සත් ජනපද ජනාධිපති ආර්යා ජිල් බයිඩන්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

 නමුත් ඇගේ කාර්යාලය විසින්  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ජිල් බයිඩන්ට මෘදු රෝග ලක්ෂණ පමණක් ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , 72 හැවිරිදි ජනාධිපති ආර්යාව dhelaware  ප්‍රදේශයේ Rehoboth Beach හි නිවසේ රැඳී සිටින බවත්,ජිල් බයිඩන් අවසන් වරට කොවිඩ් සඳහා පරීක්‍ෂා කළේ වසරකට පෙරදී බවයි.

මේ අතර ජනාධිපති ජෝ බයිඩන්ට සිදු කළ පරීක්ෂණයෙන් වෛරසය ආසාදනය වී නොමැති බවත්, 80 හැවිරිදි ජනාධිපති ජෝ බයිඩන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පරීක්ෂණ සිදුකරමින් සිටින අතර රෝග ලක්ෂණ පිළිබඳව නිරීක්ෂණය කරන බවත් ධවල මන්දිරය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button