විද්‍යාපීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැඳවයි

2021/2022 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්‍ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මීට අදාළ ගැසට් නිවේදනය අද (15) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2376 දරන ගැසට් පත්‍රයේ පළ කර තිබෙනවා.
මාර්ගගත ක්‍රමය ඔස්සේ මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර අයදුම්පත් අතරින් සුදුස්සන් තෝරා ගැනීමද මාර්ගගත ක්‍රමය ඔස්සේම මෙවර සිදුකරනු ලබන බවට දැනුම්දෙනවා.
අද දහවල් 12න් පසුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේ සඳහා අයදුම් කළ හැකි අතර අයදුම් කිරීමේ කාල සීමාව 2024.04.05 දිනයෙන් අවසන්වනවා.
එමෙන්ම අද දහවල් 12.00ට පෙර ඇතුළත් කර ඇති අයදුම්පත් සලකා නොබැලෙන බැවින් එම අයදුම්කරුවන් නැවත මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.