බෙදාහරින ඉන්ධන තොග ගැන පැහැදිලි කිරීමක්.

බෙදාහැරීමේ ගැටළු අවම කරමින් මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 4,000 ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,000 බැගින් නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියා. මෙය හරහා මගී බස්රථවල සහ පාසල් වෑන් රථවල ඉන්ධන අවශ්‍යතාව සපුරාලීමට කටයුතු කර ඇති බවයි.
එසේ ම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක නෞකාවක් ඊයේ (30) රාත්‍රියේ ගොඩබෑම ආරම්භ කළ බවද එහි වැඩිදුරටත් දැක්වෙනවා.
මේ අතර ඛනිජ තෙල් සංස්ථාව චෙක්පත් ක්‍රමයට ඉන්ධන ලබාදීම අත්හිටුවීමත් සමඟ එකවර මුදල් ගෙවා ඉන්ධන ලබා ගැනීමට නොහැකි තත්ත්වය නිසා පෝලිම් වැඩිවී ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශකළා.
මේ අතර, ඛනිජ තෙල් සංස්ථාව සමඟ ඇති ගිවිසුම අනුව තෙල් මිල ඉහළ යනවිට ඊට අදාළ ගෙවීම් යාවත්කාලීන නොවීම හේතුවෙන් තමන් ගැටලු රැසකට මුහුණපා ඇති බව පෞද්ගලික බවුසර රථ හිමියන්ගේ සංගමය ද පවසනවා.