චීන ජනාධිපති G20 සමුළුව මගහරින ලකුණු

චීන ජනාධිපති ෂී ජින්පින් ලබන සතියේ ඉන්දියාවේ පැවැත්වෙන ජී 20 නායකයින්ගේ සමුළුවට නොපැමිණෙන බව, රොයිටර් බව පුවත් සේවය වාර්තා කළා.
සැප්තැම්බර් 9-10 දක්වා නවදිල්ලියේ පැවැත්වෙන රැස්වීමට අගමැති Li Qiang නියෝජනය කිරීමට අපේක්ෂා කරන බවයි පැවසෙන්නේ.
ඉන්දීය සහ චීන විදේශ අමාත්‍යාංශවල නියෝජිතයින්ගෙන් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර ලැබීද නැහැ.
මේ අතර, ෂී අවසන් වරට ජෝ බයිඩන් හමුවූයේ පසුගිය නොවැම්බරයේ ඉන්දුනීසියාවේ බාලි නුවර පැවති G20 සමුළුවේදී බවත්, මෙම සමුළුවට ෂී පැමිණියහොත් ජෝ බයිඩන් හමුවිය හැකි බවත් ඔවුන් සදහන් කළා.
මීට අමතරව, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දැනටමත් ප්‍රකාශ කර තිබෙන්නේ, තමන් නවදිල්ලියට නොයන බවත් ඒ වෙනුවට විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් යවන බවත්ය.
ෂී වෙනුවට අගමැතිවරයා පැමිණෙන බවත්, ෂී නොපැමිණීමට හේතුව මෙතෙක් ඔවුන් නොදන්නා බවත්, ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට වාර්තා කර තිබෙනවා.
ෂී සහ ජෝ බයිඩන් අතර සාකච්ජාවක් එළඹෙන නොවැම්බර් 12-18 දිනවල සැන්ෆ්රැන්සිස්කෝ හි ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුවෙදී පැවැත්වීමට නියමිතයි.
කෙසේ වෙතත්, පසුගිය සතියේ දකුණු අප්‍රිකාවේ පැවති බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන ප්‍රධාන නැගී එන ආර්ථිකයන්හි BRICS කණ්ඩායමේ නායකයින්ගේ රැස්වීමකට ඔහු සහභාගී වුණා.
පසුගිය වසරේ යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියාව හෙළා දකින ඡේද ඇතුළත් ඒකාබද්ධ ප්‍රකාශයන්ට රුසියාව සහ චීනය එක්ව විරුද්ධ වීම නිසා සමුළුවට පෙර ඉන්දියාවේ පැවති G20 අමාත්‍ය මණ්ඩල රැස්වීම් කිහිපයක් විවාදාත්මක වුණා.
ෂී සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජොහැන්නස්බර්ග් හි පැවති BRICS රැස්වීමට එක්වෙමින් කියා සිටියේ, 2020 දී ඔවුන්ගේ හිමාලය දේශසීමාවේ ඇති වූ ගැටුම්වලින් පසුව සොල්දාදුවන් 24 දෙනෙකු මිය ගිය අතර, ද්විපාර්ශ්වික සබඳතාවන් ශක්තිමත් කිරීමට යළි කටයුතු කරන බවයි.