දේශීය

චීන සිනොපෙක් පළමු ඉන්ධන පිරවුම්හල විවෘත කරයි

චීනයේ සිනොපෙක් සමාගම සිය පළමු ඉන්ධන පිරවුම්හල ඊයේ (30) කොට්ටාව මත්තෙගොඩදී ආරම්භ කර තිබෙනවා.

ඛනිජ තෙල් සංස්ථාව යටතේ දේශීය කළමණාකරුවෙකු විසින් පවත්වාගෙන ගිය මෙම ඉන්ධන පිරවුම්හල ඊයේ සිට සිනොපෙක් සමාගමේ කළමණාකාරීත්වය යටතට පවරාදී ඇති බවයි වාර්තා වන්නේ.

මෙහෙදී, පෙට්‍රල් සහ ඩීසල් සදහා ලීටරයකට රුපියල් තුනක වට්ටමක් සහිත්ව ඉන්ධන සැපයීම සිදු කරන බව සදහන් වනවා.

ඉදිරියේදි ඉන්ධන පිරවුම්හල් 150ක් මෙලෙස සිනොපෙක් සමාගම සිය කළමණාකාරීත්වය යටතට පවරාගෙන, ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සදහා එක්වීමට නියමිතයි.

එමෙන්ම, මෙම සමාගම විසින් අලුතින් ඉන්ධන පිරවුම්හල් 50ක්ද ආරම්භ කිරීමට නියමිත බව, වැඩිදුරටත් සදහන් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button