විදෙස්

චීනයේ පැතිරෙන අලුත්ම වෛරසය, ලංග්‍යා..!

නව වෛරසයක් වන Langya henipavirus, චීනයේ Shandong සහ Henan පළාත්වල පුද්ගලයින් 35 දෙනෙකුට ආසාදනය වී ඇති බවට සොයාගෙන තිබෙනවා.

චීන පර්යේෂකයන් විසින් මෙම නව වෛරසය ප්‍රථම වරට හඳුනාගෙන ඇත්තේ මෑතකාලීනව සතුන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා උණ ගැණුනු පුද්ගලයින්ව පරීක්ෂා කිරීමේදීය.

උණ, තෙහෙට්ටුව, කැස්ස, ආහාර රුචිය නැතිවීම, මාංශ පේශි කැක්කුම, ඔක්කාරය සහ හිසරදය වැනි මද රෝග ලක්ෂණ දැනට හඳුනාගෙන ඇති අතර කුඩා පිරිසකට නියුමෝනියාව ඇතුළු වඩාත් බරපතල සංකූලතා ඇති විය හැකි බවට්ග් අක්මාවේ සහ වකුගඩු ක්‍රියාකාරිත්වයේ අසාමාන්‍යතා ඇති විය හැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් මෙම රෝගය හේතුවෙන් රෝහල්ගත වීම අවශ්‍යද යන්න පිළිබඳව හෝ රෝගය මාරාන්තිකද යන්න පිළිබඳව තවමත් කිසිඳු අදහසක් පල වී නෑ.

මීයන් වැනි කුඩා සත්ත්ව ප්‍රභේදයකින් මෙම වෛරසය මිනිසුන්ට බෝ වන්නට ඇති බවට මත පළ වී ඇති අතර වෛරසය මිනිසාගෙන් මිනිසාට පැතිර යා හැකි බවටද තවමත් සාක්ෂි නොමැත.

ආසාදනය කෙතරම් දරුණු විය හැකිද, එය පැතිරෙන්නේ කෙසේද සහ එය චීනයේ සහ කලාපය තුළ කෙතරම් ව්‍යාප්ත විය හැකිද යන්න තීරණය කිරීමට ප්‍රමාණවත් දත්ත ද තවමත් එක්‍රැස්ව නොමැති බවයි පැවසෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button