සංවර්ධන ව්‍යාපෘති වසරකට නවත්වන්නැයි මහ බැංකුවෙන් රජයට නිර්දේශ

රටේ අලුතින් ආරම්භ කෙරුණු සංවර්ධන ව්‍යාපෘති වසරක පමණ කාලයකට තාවකාලිකව නවත්වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර තිබේ.
එමෙන්ම වැඩ ලක්ෂයේ ව්‍යාපෘතියද තවකාලිකව නවත්වන්නැයි මහ බැංකුව වැඩිදුරටත් රජයට නිර්දේශ කර ඇති බව වාර්තා වේ.
රට තුළ පවතින ආර්ථිකමය සහ මූල්‍යමය තත්ත්වයන් සැලකිල්ලට ගෙන මෙම නිර්දේශ කර ඇතැයි මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඩොලරයට සාපෙක්ෂව මෙරට රුපියලේ බරපතළ පහත වැටීමක් පවතින හෙයින් මෙවැනි ක්‍රියාමාර්ගවලට අනිවාර්යෙන්ම යොමුවිය යුතු බව පෙන්වා දී ඇති ශ්‍රී ලංකා මහ බැංකුව සංවර්ධන ව්‍යාපෘති කෙටි කාලයකට තාවකාලිකව නතර කිරීමෙන් රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති නොවනු ඇතැයිද මහ බැංකුව කළ පැහැදිලි කිරීම් වල සඳහන්.
ශ්‍රී ලංකා මහ බැංකුව රජයට මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ ආර්ථිකය විද්‍යා විශේෂඥයන් හා විද්වතුන් රැසකගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින්.