හදිසි විදුලි මිලදී ගැනීමට ලංවිමට අවසර- කංචන විජේසේකර

නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ඒකකය වාෂ්ප කාන්දුවක් හේතුවෙන් වසා දමා ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇති බව විදුලි සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටිනවා.
මේ හේතුවෙන් නඩත්තු කටයුතු සඳහා දින 3-5 ක් ගතවනු ඇතැයි ගණන් බලා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරමින් සඳහන් කලේ, තෙවන ඒකකයේ අළුත්වැඩියා කටයුතු අවසන් වන තුරු විදුලි උත්පාදනය කළමනාකරණය කිරීම සඳහා ඉන්ධන බලාගාර භාවිතා කරනු ඇති බවයි.
මේ අතර නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තුරු පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමැතිය ලබාදුන් බව අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටිනවා.
මේ හේතුවෙන් හෙට සිට විදුලි කප්පාදුව දීර්ඝ නොකර විදුලි උත්පාදනය පවත්වාගෙන යාමට අවශ්‍ය ඩීසල්, නැප්තා සහ ෆර්නස් තෙල් අවශ්‍යතා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලබා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.