විදෙස්

මියන්මාරය සලිත කළ Cash for kidneys

නීතිවිරෝධී ලෙස මියන්මාර් ජාතිකයින්ගෙන් මුදලට වකුගඩු ලබාගත් බවට ඉන්දියාවේ ප්‍රධාන පෙළේ රෝහලක් වන නවදිල්ලි ඇපලෝ රෝහලට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තාවනවා.

එය ඇපලෝ රෝහල් සමුහයේ ශාඛාවක් බව සඳහන්.

එම චෝදනාව සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වා එම වාර්තාව ලබාදෙන ලෙස ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දිල්ලි සෞඛ්‍ය බලධාරීන්ට දැනුම්දී තිබෙනවා.

එසේම වැරදිකරුවන්ට එරෙහිව සුදුසු පියවර ගන්නා ලෙසද නියෝග කර තිබෙන බවයි වාර්තාවන්නේ.

මියන්මාරයේ තරුණ පුද්ගලයින්ව දිල්ලි වෙත ගුවන් මගින් රැගෙනවිත් අදාළ රෝහලට ගෙනගොස් පොරොන්දුවූ මුදලකට එම තරුණයින්ගේ වකුගඩු ඉවත්කර ගෙන ඇති බව එහිදී හෙළිවී තිබෙන අතර එසේ ලබාගත් වකුගඩු පොහොසත් මියන්මාර් ජාතිකයින්ට බද්ධ කර ඇති බව හෙළිවී තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ එම ක්‍රියාවලිය “cash for kidneys” නමින් නම්කර තිබූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button