දේශීය
කැරට් මිල යළිත් ඉහළට

පසුගිය දිනවලට සාපේක්ෂව එළවලු මිල යළි ඉහළ ගොස් ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසනවා.
ඒ අනුව එහි නායක අසේල සම්පත් මහතා සඳහන් කළේ, පසුගිය දිනවල පහත වැටී තිබූ කැරට් කිලෝවක් යළි රුපියල් 1,800ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
අමුමිරිස් ඇතුළු සෙසු එළවළු මිලද පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ ඉහළ ගොස් ඇති බවත් මෙයට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස වෙළඳ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.