දේශීය
කබ්රාල් මහ බැංකුවෙන් ඉවතට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහය ලබාදීම සඳහා වූ කොන්දේසි මාලාවේ ප්‍රථම ප්‍රමුඛත්වය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉවත් කළ යුතු බවට යෝජනා වී තිබෙන බවට වාර්තා වෙනවා.
ඉකුත් අඟහරුවාදා (15) ජනපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් අතර සිදුවූ සාකච්ඡාවේදී මෙලෙස පවසා ඇති බවටයි වාර්තා වෙන්නේ.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඊයේ (16) උදෑසන අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ඉල්ලා අස්වෙන ලෙස දැනුම් දී ඇති අතර, අජිත් කබ්රාල් මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අමතා මෙය ව්‍යවස්ථා විරෝධී බව පවසා ඇති බවට ද වාර්තා වෙනවා.
නමුත් අගමැතිවරයා විසින් අජිත් කබ්රාල් මහතාට නිශ්ශබ්දව ඉල්ලා අස්වෙන ලෙස පවසා තිබෙනවා.
ඒ වෙනුවට භාණ්ඩාගාර සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස වැඩ භාරගනු ඇති බවට වාර්තා වෙනවා.