කැබිනට් නාඩගම

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (03) රාත්‍රියේ පැවති කැබිනට් ඇමතිවරුන්ගේ විශේෂ හමුවේදී තමන් අදාළ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමට කැමති බවට අත්සන් කරන ලද ලිපියක් අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදීමට අමාත්‍යවරුන් කටයුතු කරනු ලැබූ බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසා තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා හැර අනෙකුත් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම ලබාදුන් අතර, ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අද හමුවී සාකච්ඡා කොට තීරණයක් ගනු ඇති බවයි අමාත්‍යවරයා පවසා තිබෙනවා.
නමුත් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස් නොවූ නිසාත්, ඉල්ලා අස්වීමේ ලිපිය භාරදිය යුත්තේ ජනාධිපතිවරයාටම පමණක් නිසාත් මෙම ඉල්ලා අස්වීම් වලංගු නොවන බවට වාර්තා වෙනවා.
තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඊයේ (03) මුළින්ම ප්‍රසිද්ධ කළ අතර, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි සහ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර අදාළ ඉල්ලා අස්වීමේ තීරණය පසුව ප්‍රසිද්ධ කර තිබුනා.