දේශීය

රබර් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

1956 අංක 11 දරන රබර් පාලන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි 2022.6.6 දින 1956 අංක 11 දරණ රබර් පාලන පනත සංශෝධනය කිරීමට අනුමැතිය ලබාදී තිබුණා.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් රබර් පාලන සංශෝධන පනත් කෙටුම්පත සකස් කරනු ලැබ ඇති අතර ඒ සඳහා නීතිපති අවසරය ලැබී තිබෙනවා.

එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button