දේශීය

ගාසා ළමා අරමුදලට ලංකාවෙන් ආධාර දෙන්න කැබිනට් අනුමැතිය

ගාසාහි ප්‍රචණ්ඩත්වයට ගොඳුරුවූවන්ට සහන සැලසීම සඳහා ‘ගාසාහි ළමා අරමුදලක්’ නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපති කාර්යාලය පවසන්නේ, සියලුම අමාත්‍යාංශ සහ රජය ආයතන විසින් ඉෆ්තාර් සැමරුම් අත්හැර මෙම අරමුදලට දායක වීමටද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇ​ති බවයි.

ඒ අනුව පීඩාවට පත් දරුවන්ට ආධාර කිරීම සඳහා රජය විසින් ඩොලර් මිලියන 1 ක පරිත්‍යාගය එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා බෙදා හරින බවද ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button