දේශීය

බස් අනතුරෙන් මියගිය ගණන ඉහළට

නෝටන්බ්‍රිජ් දියගල මාර්ගයේ සිදු වු බස් රථ අනතුරෙන් පසු බස් රථයට යට වී සිටි තරුණයෙකුගේ සිරුරක් අද (20) උදැසන ලක්ෂපාන යුද හමුදා කඳවුරේ භට පිරිස් සහ නෝටන්බ්‍රිජ් පොලීසියේ නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.

මෙසේ සොයාගෙන ඇත්තේ, හික්කඩුව කලුපේ ප්‍රදේශයේ පදිංචිව සිටි ඩිලාන් කෞෂල්‍ය නැමති 33 හැවිරිදි පුද්ගලයෙක්.

බස් රථ අනතුරෙන් 26දෙනෙකු තුවාල ලබා තරුණියන් දෙදෙනෙකු ඊයේ (19) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව සිටි අතර, එම බස් රථයේ පැමිණි එක් අයෙකු අතුරුදන්ව ඇතැයි වාර්තා වුණා.

ඒ අනුව අද උදෑසන යුද හමුදා භට පිරිස් සහ පොලීසිය එක්ව බස් රථය පරීක්ෂා කිරීමේ දී අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර හමුව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button