විදෙස්
චීනයේ පාලමක් කඩා වැටිලා – 11ක් මිය ගිහින්

වයඹදිග චීනයේ Shaanxi පළාතේ අධිවේගී මාර්ගයක් දිවෙන පාලමක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට මාධ්‍ය වාර්තා කරන්නේ, අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බවයි.
අදාළ ප්‍රදේශයට පැවති වර්ෂාව සහ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පාලම කඩා වැටී ඇති බවද සඳහන් වනවා.
ගලවාගැනීමේ කණ්ඩායම් මැදිහත්වී පාලම කඩා වැටීම හේතුවෙන් ගඟට පෙරළී තිබූ වාහන 05ක් සොයාගෙන තිබෙන බව වාර්තා වුණා.
අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු අතුරුදන් වී සිටින අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.