දේශීය

ණය ගත්තේ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් නැවත නිකුත් කිරීමෙන් පමණයි-රංජිත් සියඹලාපිටිය

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ රජය මේ වසරේ ණය ලබාගෙන ඇත්තේ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් නැවත නිකුත් කිරීමෙන් පමණක් බවයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ණය ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇතැයි ප්‍රකාශ කර තිබියදී රජය පසුගිය මාස එකහමාරක කාලයක් තුළ රුපියල් කෝටි ලක්ෂය ඉක්මවා ණය ලබාගෙන ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින්.

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම පිළිබඳ තර්කයක් නැතත්, සිදු වූයේ තිබූ භාණ්ඩාගාර බිල්පත් කල් පිරෙන අවස්ථාවේ ඒ වෙනුවට නව භාණ්ඩාගර බිල්පත් නිකුත් කොට පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම පමණක් බවත්, අලුතින් හඳුන්වා දුන් බදු මෙම මාසයේ සිට රාජ්‍ය ආදායමට එකතු වුවද, ආදායම සහ වියදම අතර පරතරයක් පවතිනු ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button