විදෙස්
රුසියානු බුද්ධි අංශ නිලධාරියාට බෝම්බ ප්‍රහාරයක්

රුසියානු හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙක් ඉලක්ක කරමින් කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
අද (24) උතුරු මොස්කව් ප්‍රදේශයේදී එම ප්‍රහාරය එල්ලකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
එම පිපිරීමෙන් දෙදෙනකු තුවාල ලබා තිබුණා.
එම බුද්ධි අංශ නිලධාරියා සිය බිරිඳ සමග ඔහුගේ මෝටර් රථයට නැගීමෙන් අනතුරු එම බෝම්බර පුපුරා ගොස් තිබෙනවා.
එම පිපිරීම හේතුවෙන් එම නිලධාරියාගේ පාදවලට දැඩි ලෙස හානි සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.