Bitcoin මුදල් යන්ත්‍ර නවතා දමයි

එක්සත් රාජධනියේ පවතින සියලුම Crypto මුදල් ඒකක ATM යන්ත්‍ර නීති විරෝධී ලෙස ක්‍රියාත්මක වන අතර ඒ සියල්ලම නවතා දමන්න මූල්ය හැසුරුම් අධිකාරිය (Financial Conduct Authority) නියෝග කර තිබෙනවා.
මෙම ATM යන්ත්‍ර සාමන්‍ය ATM මුදල් යන්ත්‍රයකට සමාන වන අතර එමඟින් තමන් සතු බැංකු කාඩ්පත් භාවිතා කරමින් මිනිසුන්ට Crypto මුදල් ඒකක මිලදී ගැනීමට සලස්වා තිබෙනවා.
නමුත් මෙම සේවාව සපයන කිසිඳු සමාගමක් මේ සඳහා බලපත්‍ර ලබාගෙන නැති බවයි ඔවුන් පවසන්නේ.
එක්සත් රාජධනියේ මේ වනවිට ක්‍රියාත්මක වන Crypto-ATM ගණන 81ක් ය.
FCA ය පවසන පරිදි ඔවුන් විසින් මේ වන විට මුදල් විශුද්ධිකරණ විරෝධී (Anti-money-laundering) එකඟතාවයන් කිසිවක් සමග ලියාපදිංචි නොවූ, Crypto මුදල් ඒකක පවත්වාගෙන යන සමාගම් ලැයිස්තුවක් නිකුත් කර ඇති අතර එහි සඳහන් සමාගම් 110ක් දත්ත නිකුත්වීමෙන් පසු Crypto මුදල් ඒකක ගනුදෙනුව නවතා ඇත.