විදෙස්
මර්ජුවානා වගා කිරීමට කොස්ටාරිකා රාජ්‍යයෙන් අවසර

වෛද්‍යමය අරමුණු සඳහා මරිජුවානා භාවිතය නීතිගත කරන සහ කාර්මික භාවිතය සඳහා වගා කිරීමට අවසර දෙන පනත් කෙටුම්පතක් කොස්ටාරිකාවේ කොන්ග්‍රසය විසින් සම්මත කර තිබෙනවා.
කෙසේ වෙතත්, විනෝදාත්මක අරමුණු සඳහා මරිජුවානා වගා කිරීම සහ විකිණීම තවදුරටත් තහනම් වනු ඇති.
සම්මත වූ පනත් කෙටුම්පත ජනාධිපති කාලෝස් අල්වරාඩෝ දින කිහිපයක් ඇතුළත එය අත්සන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
පනතට පක්ෂව ක්‍රියාකරන්නන් පවසන්නේ එය කෘෂිකාර්මික අංශය නංවාලීමට සහ රැකියා අවස්ථා ඇති කිරීමට රුකුළක් වනු ඇති බවයි.
2013 දී එය නීතිගත කළ ලොව ප්‍රථම රට බවට පත් වූ උරුගුවේ හැර සෙසු කලාපයේ බොහෝ ප්‍රදේශවල මරිජුවානා විනෝදාත්මක භාවිතය තහනම් කර තිබෙනවා.