දේශීය
ජාතික රෝහලේදී මියගිය රෝගියාගේ ජෛව සාම්පල ඉන්දියාවට

කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු මියගිය පුද්ගලයාගේ ජෛව සාම්පල වැඩිදුර විමර්ශන සඳහා ඉන්දියාවට යවා ඇතැයි, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී. විජේසූරිය මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ, අදාළ රෝගියාට ලබාදුන් කෝ ඇමෙක්සික්ලොව් නැමැති ප්‍රතිජීවක ඖෂධයේ සාම්පලද වැඩිදුර විමර්ශන සඳහා ඔස්ට්‍රේලියාවට යැවූ බවයි.
අදාළ විමර්ශනවල ප්‍රතිඵල ලද වහාම එම මරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාව ඇතැයි, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.
එලෙස මියගොස් තිබුණේ, කැපුම් තුවාලකට ප්‍රතිකාර ගැනීමට වරකාපොළ සිට පැමිණි 50 හැවිරිදි පුද්ගලයෙක්.
අදාළ රෝගියාට ලබාදුන් කෝ ඇමෙක්සික්ලොව් නැමැති ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩය භාවිතය මේ වනවිට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.